Skip to content

Latest commit

 

History

History
134 lines (86 loc) · 18.3 KB

README-Sinhala.md

File metadata and controls

134 lines (86 loc) · 18.3 KB

හැඳින්වීම

Apocalypse Sensor Kit පරිශීලක අත්පොත වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු.

Apocalypse Sensor Kit යනු ඔබගේ ගෙවතු වගාවේ පාරිසරික තත්ත්වයන් නිරීක්‍ෂණය කිරීම සඳහා ඔබට අඩු වියදමකින් තනිවම නිර්මාණය කරගත හැකි සංවේදක ජාලයක් සඳහා වන දෘඪාංග සහ මෘදුකාංග කට්ටලයකි. ජංගම දුරකථන යෙදවුමක්ද සමග එන මෙම සංවේදක කට්ටලය මගින් ඔබට පසෙහි තෙතමනය, ආලෝක තීව්‍රතාවය, උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව වැනි පාරිසරික තත්ත්ව නිවැරදිව නිරීක්ෂණය කරගත හැක.

image

අපගේ ප්‍රධාන අරමුණ වූයේ ලංකාවේ සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික බඩු වෙළඳ සැලකින් සහ සාමාන්‍ය හාඩ්වෙයාර් වෙළඳසැලකින් ලබාගත හැකි භාණ්ඩවලින් ලෙහෙසියෙන් සාදාගත හැකි වන පරිදි මෙම සංවේදක කට්ටලය නිර්මාණය කිරීමයි.
මෙම ඒකකයන් (PVC පයිප්ප සහ එහි ඇතුළත පද්ධතිය), අඩු වියදමින් ප්‍රතිස්ථාපනය කිරීමට හැකි, ජලයට සහ අව්වට හොඳින් ඔරොත්තු දෙන සහ රුපියල් 8200ක් (2024 මිල ගණන් අනුව) වැනි මුදලකට ගොඩ නඟා ගත හැකි අයිතම වේ. මෙය ගොඩනගා ගැනීමේ ආකාරය පිළිබද සම්පූර්ණ මාර්ගෝපදේශයන් මේ ලේඛනයේ විස්තරාත්මකව දක්වා ඇත. ඔබට එය ලිපියේ ඇති ආකාරයටම නිර්මාණය කර ගැනීමට හෝ ඔබ කැමතිනම් එය වැඩිදියුණු කර pcb එකක් මුද්‍රණය කරගත හැක (වියදම මදක් අධික විය හැක).

මෙම සංවේදක මොඩියුලයන්, සූර්ය පැනලයක් මගින් බැටරි නැවත ආරෝපණය කරගන්නා අතර සූර්ය පැනල නොමැතිව වුවද මාස දෙකක පමණ කාලයක් ක්‍රියාකාරි තත්ත්වයේ පැවතිය හැක. මෙම සංවේදක ඒකකයන් LoRa තාක්ෂණය මගින් රිසීවරයකට (රුපියල් 3850 පමණ වියදමකින් සාදාගත හැකි) සම්බන්ධ වෙයි. මේ නිසා මෙම මොඩියුලයන් හට රිසීවරයේ සිට කිලෝ මීටර 1 ක පමණ දුරක සිට වුවද සන්නිවේදනය කර හැක. මෙම රිසීවරය android ජංගම දුරකථන යෙදවුමක් සමඟ සම්බන්ධ වන අතර එම යෙදවුම හරහා ඔබට දත්ත නිරීක්‍ෂණය කරගත හැකි අතර ඔබගේ ජාලයේ වන සංවේදක ගොනු නම් කිරීම සහ නිරීක්ෂණය කිරීම කර හැක.

image

කෙටියෙන් කියනවා නම්, මේ වනවිට වෙළඳපොළෙහි ඇති නවීන ගොවිපල නිරීක්ෂණ ජාලයන් මඟින් ලබාගත හැකි සේවාවම මෙම ජාලය මගින්ද ඉතාමත්ම අඩු මුදලකට ලබාගත හැකිය. කෘෂිකාර්මික වගා බිම් තුළ පාරිසරික තත්ත්වයන් නිරීක්ෂණය කිරීම සඳහා මෙම සංවේදක ජාලය ඔබ විසින්ම වගා බිමෙහි සවි කරගන්නා ආකාරය සහ එය නඩත්තු කරගෙන යා යුතු ආකාරය මෙම මාර්ගෝපදේශයේහි අන්තර්ගත වේ. මෙහිදී ඔබ යම්කිසි තාක්ෂණික හැකියාවක් ඇති අයෙකු යැයි අපි උපකල්පනය කරන්නෙමු (නැති නම් මිතුරෙකුගේ සහය ලබාගන්න).

සවිකර ගැනීමට ප්‍රථමයෙන්

මෙම පද්ධතිය ප්‍රධාන කොටස් තුනකින් සමන්විතය

  1. සංවේදක මොඩියුල: පාරිසරික දත්ත රැස් කරන බැටරි බලයෙන් ක්‍රියා කරන උපාංග (sensor modules).
  2. රිසීවරය: දත්ත ලබාගන්නා සහ ගබඩා කරන කේන්ද්‍රගත උපාංගය (receiver device).
  3. ජංගම දුරකථන යෙදුම: එකතු කරගත් දත්ත විශ්ලේෂණය සහ ද්‍රශ්‍යමාන කිරීමට යොදාගන්නා යෙදුමකි (mobile app).

ඒ සඳහා ඔබට අවශ්‍ය වන ආම්පන්න එකතු කරගන්න,

  1. සවලක් හෝ අලවන්ගුවක්
  2. කුඩා කතුරක් හෝ වයර් කැපිය හැකි තලයක්
  3. ඉස්කුරුප්පු නියන්
  4. අත්වැසුම් සහ ඇස් ආවරණ

සංවේදක මොඩියුල ස්ථාපනය

  1. ඔබේ වගා බෝග අසල ස්ථානයක් තෝරන්න. ස්ථානයක් තෝරා ගැනීමේ දී සෙවණ ළඟාවීමට ඇති පහසුව සහ බාධකය ගැන සැලකිලිමත් වන්න
  2. අලවන්ගුවක් භාවිත කර අඩි 1ක් පමණ ගැඹුරට පටු වළක් හාරන්න.
  3. PVC බටය එම සිදුරට ඇතුල් කර සෘජුව සිටවා පස් දමා තද කරගන්න.
  4. මෙම බටය අසලින් පසේ තෙතමනය මනින සංවේදකය පොලවට ඇතුළු කරගන්න.
  5. බටය ඇතුලතින් සංවේදක වල රැහැන් ‍ඇදගන්න. ඒවා පිළිවෙලකට රඳවා ගැනීම සඳහා ziptie භාවිත කල හැක.
  6. සූර්ය පැනල සවි කරගෙන එහි රැහැන් ද එලෙසම ඇදගන්න. සූර්ය පැනල සවිකර ගැනීමේ දී දවස පුරා හොඳින් ආලෝකය ලැබෙන ආකාරයට එය සවි කරගන්න.
  7. සියලුම වයර්, පරිපථ පුවරුවට සම්බන්ධ කරන්න. සියල්ල නිවැරදිව සම්බන්ධ කරගත් බවට තහවුරු කරගන්න.
  8. DHT11 සංවේදකය ස්ථාවර බටය තුළ ස්ථානගත කරන්න. සිලිකා ජෙල් පැකට්ටුවක් එය අසල රඳවාගත හැකි නම්, කියවීම් වල නිරවද්‍යතාව වැඩි කරගත හැක.
  9. සියල්ල නිවැරදිව සම්බන්ධ කරගත් පසු පරිපථ ස්ථාපනය කර ඇති ආවරණ ය කාලගුණයට ඔරොත්තු දෙන ලෙස වසාගන්න.

රිසීවරය ස්ථාපනය කරගැනීම

  1. රිසීවරය වාතාශ්‍රය සහිත, විදුලි බලය ලබාගත හැකි වහලයක් සහිත ස්ථානයක තබාගන්න. නිවෙසක් තුල තබාගන්නවා නම් වඩාත් සුදුසු වේ.
  2. රිසීවරයට සම්බන්ධ වියයුතු සියලුම උපාංග එයට නිවැරදිව සම්බන්ධ වී ඇතිදැයි තහවරු කරගන්න.
  3. බාධාවීම් වලින් තොරව ක්‍රියාත්මක වීමට, රිසීරවය බිත්තියකට සවි කර හෝ නිතර එහා මෙහා නොවන ස්ථානයක තබන්න.

6. ජංගම දුරකථන යෙදුම

  1. ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනයේ යෙදුම ස්ථාපනය කරන්න.
  2. යෙදුම දියත් කර "Connect Receiver" පිටුව වෙත යන්න.
  3. Bluetooth scan කර ඔබට අවශ්‍ය රිසීවරයට සම්බන්ධ වන්න.
  4. සම්බන්ධ වූ පසු, ඔබට සංවේදක දත්ත බැලීමට, උපාංග කළමනාකරණය කිරීමට සහ කියවීම් විශ්ලේෂණය කිරීමට හැකිය.
  5. සංවේදක වඩා හොඳින් මතක තබා ගැනීමට ඔබට ඒවා නැවත නම් කළ හැකිය.

image

යෙදවුමෙන් බලාගත හැකි සේවා:

යෙදුම් අතුරුමුහුණතේ තිරපිටපත් සමඟ තත්‍ය කාලීන සංවේදක දත්ත බැලීම,

ප්‍රස්තාර මගින් පැරණි දත්ත විශ්ලේෂණය සහ දත්ත කියවාගන්නා ආකාරය

උපාංග කළමනාකරණය පිලිබඳ උපදෙස්(සංවේදක සහ රිසීවර එකතු කිරීම/සංස්කරණය කිරීම/ඉවත් කිරීම)

දත්ත බැලීම සඳහා අවශ්‍ය කාල පරාසය තෝරාගැනීම සහ

වැඩිදුර විශ්ලේෂණය සඳහා දත්ත අපනයනය සහ බෙදාගැනීම

7. නඩත්තු කිරීම සහ දෝෂ නිරාකරණය

නිතිපතා නඩත්තු කිරීම:

  • රිසීවරයේ ලොග් සටහන් අවම මසකට වරක් පරීක්ෂා කරන්න. රිසීවරය මගින් සිදු කෙරුන කාර්යයන් සහ මතුවුනු ගැටලු පිලිබද සටහන් පවත්වාගනියි.
  • වයර්වලට සිදුවිය හැකි හානි පරීක්ෂා කිරීම සඳහා සෑම මාස දෙකකට වරක් හෝ සංවේදක මොඩියුලය භෞතිකව පරික්ෂා කරන්න.
  • අවශ්‍ය පරිදි සූර්ය පැනල පරීක්ෂා කර පිරිසිදු කරන්න. මෙයට සම්පීඩනය කරන ලද වාතය හෝ තෙත රෙදි කැබැල්ලක් භාවිතා කළ හැක.
  • ඉක්මන් අලුත්වැඩියාවන් හෝ ආදේශ කිරීම සඳහා අමතර කොටස් කට්ටලයක් (සංවේදක, වයර් ආදිය) තබා ගන්න.

දෝෂ නිරාකරණය:

  • සංවේදක මොඩියුලයෙහි ඇති LED ​​වේගයෙන් නිවී නිවී දැල්වෙන්නේ නම්, සංවේදක සම්බන්ධතා පරීක්ෂා කරන්න. එයට සම්බන්ධ විය නොහැකි තාක් කල් එය දිගින් දිගටම නිවී නිවී දැල්වෙනු ඇත.
  • රිසීවර ගැටළු සඳහා, ලොග් සටහන් වෙත ප්‍රවේශ වීමට සහ ගැටළු හඳුනා ගැනීමට Command Line Interface (CLI) භාවිතා කරන්න
  • වැඩි විස්තර සඳහා සම්පූර්ණ ලිපියෙහි ඇති "Maintenance and Troubleshooting" කොටස කියවන්න. එසේත් නැති නම් අමතර උපකාර සඳහා තාක්ෂණික සහාය/ ප්‍රජා සංසද වල සහය ලබා ගන්න.

image

පොදුවේ ගත් කල, වයර්වල කුණු රැඳී නොමැති බවත්, සියල්ල හොඳින් ආවරණය වී ඇති බවත් සහතික කර ගන්න.

බැටරි ආයු කාලය:

  • සංවේදක මොඩියුල සූර්ය ආරෝපණයකින් තොරව මාස දෙකක් පමණ බැටරි බලයෙන් ක්‍රියා කළ හැකිය. බැටරි පළුදූ වීමකදී ඉක්මනින් මාරු කිරීම සදහා අමතර බැටරියක් තබාගන්න.
  • මොඩියුලයක් දත්ත සම්ප්‍රේශනය කිරීම නැවැත්වුවහොත්, බැටරි සහ සූර්ය පැනල සම්බන්ධතා පරීක්ෂා කරන්න.
  • පරණ බැටරි ඉවතලීමේදි නිසි ආකාරයට එය සිදු කිරීමට වගබලාගන්න.

8. විධාන අතුරුමුහුණත

ඉතා පැහැදිලි දෝශ නිරාකරණයක් සහ කළමනාකරණයක් සඳහා රිසීවරය උපාංගය තුල CLI මෙවලම සපයා ඇත. පහත විධානයන් වෙත ප්‍රවේශ වීමට රිසීවරයට සම්බන්ධ වන්න:

  • LS: ප්‍රධාන නාමාවලිය (directory) යටතේ ඇති සියලුම ගොනු පෙන්වීම
  • READ <file>: නිශ්චිත ගොනුවක් කියවන්න
  • CD <dir>: නිශ්චිත නාමාවලිය වෙත පිවිසීම
  • DEL <file> : නිශ්චිත ගොනුවක් මකන්න
  • FLASHINFO: SPI flash හි සම්පූර්ණ සහ භාවිතා කළ ධාරිතාවන් පෙන්වන්න
  • USAGE: භාවිතා කළ ධාරිතාව Byte වලින් සහ ප්‍රතිශතයක් ලෙස පෙන්වන්න
  • SETTIME HH:MM:SS: RTC වේලාව සකසන්න
  • SETDATE YYYY-MM-DD: RTC දිනය සකසන්න
  • DATETIME: වත්මන් දිනය සහ වේලාව පෙන්වන්න
  • HELP: විධාන නාමාවලිය පෙන්වන්න

දත්ත කළමනාකරණය කිරීමට, පද්ධති‍යේ තත්ත්වය පරීක්ෂා කිරීමට සහ අවශ්‍ය පරිදි ගැටළු හඳුනා ගැනීමට මෙම විධාන භාවිතා කරන්න.

ඕනෑම අමතර සහායක් හෝ ප්‍රශ්න සඳහා, සම්පූර්ණ ලිපිය වෙත යොමු වන්න.

License

Our work presented under the MIT License -

Permission is hereby granted, free of charge, to any person obtaining a copy of this software and associated documentation files (the “Software”), to deal in the Software without restriction, including without limitation the rights to use, copy, modify, merge, publish, distribute, sublicense, and/or sell copies of the Software, and to permit persons to whom the Software is furnished to do so, subject to the following conditions:

The above copyright notice and this permission notice shall be included in all copies or substantial portions of the Software.

THE SOFTWARE IS PROVIDED “AS IS”, WITHOUT WARRANTY OF ANY KIND, EXPRESS OR IMPLIED, INCLUDING BUT NOT LIMITED TO THE WARRANTIES OF MERCHANTABILITY, FITNESS FOR A PARTICULAR PURPOSE AND NONINFRINGEMENT. IN NO EVENT SHALL THE AUTHORS OR COPYRIGHT HOLDERS BE LIABLE FOR ANY CLAIM, DAMAGES OR OTHER LIABILITY, WHETHER IN AN ACTION OF CONTRACT, TORT OR OTHERWISE, ARISING FROM, OUT OF OR IN CONNECTION WITH THE SOFTWARE OR THE USE OR OTHER DEALINGS IN THE SOFTWARE.

Acknowledgements

This work was created by Watchdog Sri Lanka (Appendix) as a part of the project Building Tools to Strengthen Pluralist, Inclusive and Fact-based Public Discourse, conducted by LIRNEasia. LIRNEasia (www.lirneasia.net) is a pro-poor, pro-market regional digital policy think tank. The project is conducted in partnership with the Strengthening Social Cohesion and Peace in Sri Lanka (SCOPE) programme, co-funded by the European Union and German Federal Foreign Office. SCOPE is implemented by GIZ in partnership with the Ministry of Justice, Prisons Affairs and Constitutional Reforms.