Skip to content

Latest commit

 

History

History
9 lines (5 loc) · 3.86 KB

BRIEF.md

File metadata and controls

9 lines (5 loc) · 3.86 KB

ගැමුණු ලිබ්රේ අකුරු මුහුණත / Gamunu Libre Font

සිංහල අකුරු ඉතා රවුම් හැඩ ගනී. ඒවායෙහි කෙළින් ඉරි සහිත ස්වභාවය ඉතා අඩු ය. හැම ඉරක්ම කුමන හෝ වක්‍ර ස්වභාවයක් සහිත ය. පැරණි පුස්කොළවල ලියා ඇති සිංහල අකුරු පවා මනා රවුම් ලක්ෂණ පළ කරයි.

‘එෆ් එම් ගැමුණු’ මෝස්තරය මීට හාත්පසින්ම වෙනස් ය. එය තනිකරම හතරැස් හැඩ සහිත අකුරු මෝස්තරයකි. බිංදුව පවා හතරැස් ය. කිසිදු රවුම් අකුරක් එහි නැත. පරිගණකයට මුලින් ම මේ මෝස්තරය මුදා හැරුණු 1998 දී එය ජනප්‍රිය නොවී ය. සිංහල ගතිය එහි නැතැයි බොහෝ අය සිතූහ. එහෙත් සමහර නිර්මාණ ශිල්පීන් ක්‍රමයෙන් එය භාවිතයට එළඹුණාහ. පොත් කවර නිර්මාණය, වෙළෙඳ දැන්වීම් හා දේශපාලන බැනර්වල මුල දී එය දකින්නට ලැබිණි.

ජාතික පුවත්පත් එය භාවිතයට එළඹුණේ වසර කීපයකට පසුව ය. විද්‍යුත් මාධ්‍ය එය භාවිත කළේ ඊටත් පසුව ය. ඉන් අනතුරුව එය ඉතා වේගයෙන් ප්‍රචලිත විය. විෂය අදාළත්වයකින් තොරව සියලු තැන්වල භාවිතයට ගැනිණි. අද සිංහලෙන් කෙරෙන ඕනෑ ම කාර්යයකට ගැමුණු මෝස්තරය ගළපාගන්නා ආකාරයක් දකින්නට තිබේ. එය එතරම් ම ජනප්‍රිය වී හමාරය. ඔබේ ලියවිල්ල කුමක් වුවත් ගැමුණු මෝස්තරය එහි කවර තැනකට හෝ යොදන්නට නිර්මාණකරුවෝ සමත් වෙති. එහි ප්‍රකාශන ශක්තිය බෙහෙවින් ප්‍රබල ය. අකුරුවල බරසාර බව, පිරුණු බව මෙන් ම අමුතු සරල බවක් ද මේ මෝස්තරයෙහි දැකිය හැකි ය. මුද්‍රණ සහ විද්‍යුත් මාධ්‍යවල මෙන් ම, අන්තර්ජාලයේ ද එහි ජනප්‍රිය බවෙහි වෙනසක් නැත.

ගැමුණු ලිබ්රේ අකුරු මුහුණත එෆ් එම් ගැමුණු මුහුණතේ යුනිකේත අනුකූල නිදහස් හා නොමිලේ ලබාදෙන නිකුතුවයි. මෙය නව web font තාක්ෂණය හරහා ඕනෑම වෙබ් අඩවියක හෝ යෙදුමක භාවිතා කරන්නට හැකි ලෙස සකස් කෙරෙන අතර, නව පහ අන්තර 7කින් (ExtraLight, Light, Regular, Medium, SemiBold, Bold, ExtraBold) එළිදැක්වෙනු ඇති. මෙය ගැමුණු සඳහාම නිර්මාණය වන ලතින් හෝඩියේ අක්ෂරද සමග එළිදැක්වෙනු ඇති.